හෝමාගම කාර්මික විද්‍යාලය 

ශී‍්‍ර ලංකාවේ තාක්ෂණික විද්‍යාලය, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත‍්‍ර සඳහා උසස් අධ්‍යාපනික ආයතනයක් වේ. 1893 දී කොළඹ කාර්මික විද්‍යාලයේ මරදාන, රජයේ කාර්මික විද්‍යාලය ලෙස ස්ථාපනය කරන ලදී. 1906 දී ලංකා කාර්මික විද්‍යාලය ලෙස නම් කරන ලදි. එය රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණික පුහුණුව හා සංවර්ධනය යන අංශයන්ගෙන් සමන්විත විය. 1942 දී ලංකා කාර්මික විද්‍යාලය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙන් කරන ලදි. වසර ගණනාවකට පසු ගණකාධිකරණ සහ වාණිජ්‍යය පිළිබඳ පාඨමාලා ආරම්භ විය. කණිෂ්ඨ කාර්මික විද්‍යාල 1950 දී ගාල්ල, මහනුවර, යාපනය යන ප‍්‍රදේශවල පිහිටුවන ලදී. 1964 දී එය තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව තුළට අන්තර්ගත කරන ලදී. ඒ අනුව දිවයින පුරා කාර්මික විද්‍යාල කීපයක් ස්ථාපනය කරන ලදි. තාක්ෂණික විද්‍යාල අද තෘතියික අධ්‍යාපන හා පුහුණු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ. වර්තමානයේ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වෙමින් පවතී. තාක්ෂණික විද්‍යාල නවයක් හා කාර්මික විද්‍යාල තිහක් මේ වන විට ශි‍්‍ර ලංකාව පුරා පවත්වාගෙන යයි. එම තාක්ෂණික හා කාර්මික විද්‍යාල තුල පාඨමාලා දෙසීයකට අධික ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්ව සියලූම පාඨමාලා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Level) සහතික නිකුත් කරයි.






           
හෝමාගම කාර්මික විද්‍යාලය 1979 ජුනි මස 04 වන දින ප‍්‍රාථමික කාර්මික විද්‍යාලයක් ලෙස ආරම්භ කරන ලදි. එවකට පාඨමාලා කිහිපයකින් ආරම්භ වුවද වර්තමානයේ කාර්මික විද්‍යාල තුල පූර්ණ කාලීන පාඨමාලා හා අර්ධ කාලීන පාඨමාලා විසිතුනක් පවත්වාගෙන යයි. යම්කිසි මට්ටමකට පාසල් අධ්‍යාපනයක් ලබා ඇති හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනයක් ලබා ඇති සිසු සිසුවින් හට උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමට මෙම කාර්මික විද්‍යාලයෙන් මග පෙන්වයි. පාඨමාලා ප‍්‍රමාණාත්මකව වැඩි වුවද කාර්මික අධ්‍යාපනය පිළිබඳ සමාජ දැනුවත්භාවය අවම තත්වයක පවති. එම නිසා සිසුන්ගේ සහභාගීත්වයේ පහළ යාමක් දැක ගත හැකිය. (අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය)

           
වර්තමානයේ ඉහළ මට්ටමේ ව්‍යවසායකයින් බිහි කිරීමටත් දක්ෂ පුහුණු ශ‍්‍රමිකයින් බිහි කිරීමටත් කාර්මික හා තාක්ෂණික විද්‍යාල කි‍්‍රයාත්මක වෙමින් පවතී. වර්තමානයේ හෝමාගම කාර්මික වි්‍යාලය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම හා එම විද්‍යාලයන් පිළිබද සමාජගත වී ඇති අසතුටුදායක මත අවම කිරීමට මෙම මහජන සම්බන්ධතා සැලසුම සකස් කර ඇත. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය අතරමග නතර වූ සිසු සිසුවියන් සඳහා නිසි මග පෙන්විමක් යටතේ වැඩි ප‍්‍රමාණයක් කාර්මික හා තාක්ෂණික අධ්‍යාපන ආයතන සඳහා ඇතුල්වීමට සැලස්වීමට ද බලාපොරොත්තු වෙමු. ඒ සඳහා හෝමාගම කාර්මික විද්‍යාලීය මර්ගෝපදේශන අංශය යෝජනා කරනු ලබන මහජන සම්බන්ධතා සැලසුමක් මෙහි අන්තර්ගත වේ.
කාර්මික විද්‍යාල තුල පූර්ණ කාලීන පාඨමාලා හා අර්ධ කාලීන පාඨමාලා

පූර්ණ කාලීන පාඨමාලා
  • ප‍්‍රමාණ සමීක්ෂණ පිළිබඳ ඩිප්ලෝමාව                      
  • ගණක ශිල්පය පිළිබඳ ඩිප්ලෝමාව
  • ඉංගි‍්‍රසි පිළිබඳ ඩිප්ලෝමාව                                
  • ඉංජිනේරු සැලසුම් ශිල්පය පිළිබඳ ජාතික සහතිකය
  • ඉදිකිරිම් ක්ෂේ‍්‍රත‍්‍ර පරීක්ෂක                           
  • සහකාර ප‍්‍රමාණ සමීක්ෂක
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය                  
  • ලේකම් පරිචය පිළිබඳ ජාතික සහතිකය
  • ගණක ශිලිපීන් සඳහා වූ ජාතික සහතිකය     
  • වෘත්තීය ඉංගි‍්‍රසි පිළිබඳ ජාතික සහතිකය
  • මෝටර් විදුලි ශිල්පී                                  
  • යන්ත‍්‍රනය පිළිබඳ සහතිකය 
  • ඇලූමිනියම් පිරිස්සුම්කරණය
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - කර්මාන්ත විදුලි ශිල්පය
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - මෝටර් වාහන ශිල්පය
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - වායු හා චාප පෑස්සුම් ශිල්පය
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - ශීතකරණ හා වායුසමන ශිලපය
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - ජලනල ශිල්පය 
  • ඉංජිනේරු ශිල්පය පිළිබඳ ජාතික සහතිකය - යාන්ත‍්‍රක ලී වැඩ ශිල්පය


අර්ධ කාලීන පාඨමාලා
  • ජාතික තාක්ෂණික සහතිකය - සිවිල් ඉංජිනේරු
  • ජාතික තාක්ෂණික සහතිකය - ප‍්‍රමාණ සමීක්ෂණ 
  • ජාතික තාක්ෂණික සහතිකය - විදුලි ශිල්පය


No comments:

Post a Comment