තාක්ෂණික විශ්ව විද්‍යාලය ආරම්භය 

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණුව සපයන්නන්, ප‍්‍රමාණ හා විෂයමාලා සංවර්ධන නියෝජිත ආයතනය සහ තරුණ කටයුතු  අමාත්‍යාංශයේ විෂය යටතට ගැනෙන තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ක‍්‍රියාත්මක වන නිත්‍ය මණ්ඩල ඇතුලත් වූ නියෝජිත ආයතන රාශියක් මගින් ශ‍්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතිය පිලිඹිඹු වී ඇත. අදාල නිපුනතා ප‍්‍රමාණයන් හා විෂය නිර්දේශ සංවර්ධන නියෝජිත ආයතනය ලෙස ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය   ජාතික ආධුනිකත්ව හා  කාර්මික පුහුණු අධිකාරිය හා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය  පෙර හඳුනාගෙන තිබිණ. භඪූ පද්ධතිය මගින් පැමිණෙන්නන්හට මෙන්ම කර්මාන්ත අංශයේ නියුතු හා උපාධි මට්ටමේ අධ්‍යාපනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන්නන් හට උපාධි මට්ටමේ අධ්‍යාපනය සැපයීමේ කාර්යයන් සමග තාක්ෂණ විශ්ව විද්‍යාල 2008 දී ආරම්භ විය. ශ‍්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල පනතේ විධිවිධාන වලට අනුකූලව ඹබසඩදඑැජ පිඨය ඇති කරන ලදී. ජාතික ආධුනිකත්ව හා  කාර්මික පුහුණු අධිකාරිය,  ආධුනිකත්ව පුහුණුව සපයන ප‍්‍රමුඛ නියෝජිත ආයතනය ලෙස ක‍්‍රියාකරයි. එය ජාතික පුහුණු ආයතන 03ක්, එනම් ආධුනිකත්ව පුහුණු ආයතනය ල ස්වයං චලන ඉංජිනේරු පුහුණු ආයතනය සහ ඉංජිනේරු තාක්ෂණ ආයතනය යන ඒවා කලමණාකරනය කරනු ලබයි.

2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනතතින් 2009 වසරේ ස්ථාපනය කරන ලදි. ශ‍්‍රී ලංකාවේ පලමු වැනි තාක්ෂණ විශ්වවිද්‍යාලය වේ. නිපුණ තාක්ෂණ ශිල්පීන් කාර්මික ලෝකයේ දෛනික තාක්ෂණික කාර්යයන් පවත්වා ගෙන යන්නේ තාක්ෂණය නිවැරදිව හා කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන බව සහතික කරමිනි. උපාධිය ලැබීමෙන් පසු සිසුන්ට තම වෘත්තිය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය මෙවලම් සපයන තාක්ෂණික අධ්‍යාපනයට අත තැබීමේ ප‍්‍රවේශය හිමි වේ. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇත.

මෙම පාඨමාලාවේ වෘත්තීය තාක්ෂණ  විශ්ව විද්‍යාලය ලෙස ස්ථාපිත වූ අතර ප‍්‍රධාන අරමුණ ශ‍්‍රි ලංකාවේ තාක්ෂණික අධ්යාපනය වර්ධනය කිරීමට ය. වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්යංශය යටතේ මෙම විශ්ව විද්‍යාලය මෙහෙයවනු ලබයි. මෙම ආයතනයේ ප‍්‍රධාන අරමුණ තාක්ෂණික අධ්‍යාපනය මාර්ගය සිටින අය වෙනුවෙන් පිළිගත් උපාධියක් ලබාදිමයි. මෙම විශ්ව විද්‍යාලය යටතේ පවත්වනු ඉංජිනේරු උපාධි වැඩසටහන් බොහෝ ඇති අතර, කාර්මික හා වෘත්තීය තාක්ෂණ පීඨය ප‍්‍රධාන වශයෙන් මෙම වැඩ සටහන්වලට පවත්වනු ලැබේ. ශ‍්‍රි ලංකා කාර්මික අධ්යාපන වෘත්තීය සුදුසුකම් මට්ටම් මත පදනම් වන අතර ශ‍්‍රි ලංකාවේ  වෘත්තීය සුදුසුකම් වැඩසටහන් සදහා තරග කරන අය සඳහා  උසස් අධ්යාපනය මාර්ගයක් වේ. ඒ නිසා මෙම විශ්ව විද්‍යාලය ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවේ පිළිගත් ඉංජිනේරු උපාධි පාඨමාලා ලබා ගැනීමට ස්ථාපිත කොට ඇත. කුලපති වශයෙන් මහාචාර්ය දයන්ත විජේසේකර සහ උපකුලපති වශයෙන් මහාචාර්ය ජී.එල්.ඞී. වික‍්‍රමසිංහ කටයුතු කරයි.




තාක්ෂණික විශ්ව විද්‍යාලීය දැක්ම
වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීමේ අපේක්ෂාවන් සහිත සැමට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ප‍්‍රමුඛ විශ්ව විද්‍යාලය වීම.

තාක්ෂණික විශ්ව විද්‍යාලීය මෙහෙවර
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මෙහෙවර වන්නේ මානව සම්පත්, විෂයමාලා, ඉගෙනුම් සම්පත් සංවර්ධනය, පර්යේෂණ සහ උපදේශන සේවා සැපයීම ආචාරධාර්මික නිරවද්‍යතාවයෙන් වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට සහ ගෝලීය ඔඪෑඔ අංශය, අධ්‍යයන ප‍්‍රජාව සහ කර්මාන්ත සමඟ සම්බන්ධ වීමට

තාක්ෂණික විශ්ව විද්‍යාලීය අරමුණ
යුනිවොටෙක් හි පොදු පරමාර්ථය වනුයේ සිසුන්ගේ තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක‍්‍රමයේ ප‍්‍රගතිශීලී ඉහළට ගමන් කිරීම ඔවුන්ගේ අභිලාෂයන් හා හැකියාවන් මත පදනම්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම.

තාක්ෂණික විශ්ව විද්‍යාලීය සෙසු අරමුණු
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ කර්මාන්තයේ සේවය කරන පුහුණුකරුවන් සඳහා උපාධි මට්ටම දක්වා අධ්‍යාපනික පුහුණුව ලබා දීම.
යුනිවොටෙක් ආයතනයට ඇතුළත් වීමට පිළිගත හැකි සුදුසුකම්, උපාධි මට්ටම දක්වා සහ මධ්‍යම මට්ටමේ කාර්මික පිරිස් සඳහා අධ්‍යයන පාඨමාලා සැපයීම සහ
ජාතික වෘත්තීය සුදුසුකම් ඇති අයට ඔවුන්ගේ නිපුණතා ඉහළ නැංවීමට සහ උපාධි මට්ටමේ සුදුසුකම් ලබා ගැනීමට අධ්‍යයන පාඨමාලා සැපයීම.

තාක්ෂණික විශ්ව විද්‍යාලීය පීඨ

  • පුහුණු තාක්ෂණ පීඨය 
  • කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය 


පුහුණු තාක්ෂණ පීඨයේ උපාධි

  • ජාල තාක්ෂණවේදී උපාධිය
  • බහුමාධ්‍ය සහ වෙබ් තාක්ෂණවේදී උපාධි
  • මෘදුකාංග තාක්ෂණවේදී උපාධිය
  • අධ්‍යාපන තාක්ෂණවේදී උපාධිය
  • අධ්‍යාපනවේදී උපාධිය ඉංග‍්‍රිසි භාෂාව ඉගැන්වීම 
  • කර්මාන්ත කළමනාකරණ තාක්ෂණවේදී උපාධිය


කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයේ පාඨමාලා

  • ගොඩනැගිලි සේවා තාක්ෂණවේදී උපාධිය
  • නිෂ්පාදන තාක්ෂණවේදී උපාධිය
  • මෙකාට්‍රොනික් තාක්ෂණවේදී උපාධිය
  • ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධිය
  • සිනමා සහ ටෙලිවිෂන් තාක්ෂණවේදී උපාධිය
  • ප‍්‍රමාණ සමීක්ෂණ තාක්ෂණවේදී උපාධිය



වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ ශ‍්‍රී ලාංකික තාරුණ්‍යය වෙනුවෙන් ඉහළ ප‍්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් සඳහා ඇති ඉල්ලූම සපුරාලීමට ගත් පියවරයක් වශයෙනි. ඒ අනුව ලොව පිළිගත් විශ්වවිද්‍යාල හා සහයෝගීතාව යෙන් ජාත්‍යන්තර ප‍්‍රමිතියේ ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශ‍්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙතින් පිරිනැමේ. වර්තමානයේදී එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයත්  ඕස්ට‍්‍රේලියාවේ ඞීකින් විශ්වවිද්‍යාලයත් ශ‍්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ අධ්‍යයන සහයෝගීතාවකට එළඹ සිටී. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක්වන ශ‍්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය රාජ්‍ය අනුමැතිය ලත් ඉංජිනේරු හා තාක්ෂණ උපාධි පාඨමාලා පිරිනමන මෙරට එකම නේවාසික විශ්වවිද්‍යාලයවීම විශේෂත්වයකි.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ වූයේ ඉංජිනේරු සහ තාක්ෂණ විෂය ධාරාවන්හි ගුණාත්මක උසස් අධ්‍යාපනයකට ඇති හිඩැස පිරවීමේ අරමුණ ඇතිවයි. රටේ සංවර්ධනයත් සමඟ එම රැුකියා ක්ෂේත‍්‍ර සඳහා නිසි වෘත්තීය සුදුසුකම් සපිරූ පුද්ගලයන් සඳහා ඇති ඉල්ලූම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙතෙක් පැවැති උපාධි පාඨමාලාවන් සේ නව උපාධි පාඨමාලා හරහාත් ඉංජිනේරු හා තාක්ෂණක් ෂේත‍්‍රයන්හි මූලිකාංග මෙන්ම නිසි න්‍යායාත්මක, ප‍්‍රායෝගික හා විශ්ලේෂණාත්මක දැනුමක් අපි සිසුන්ට පිරිනමන්නේ ඒ නිසායි ශ‍්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා පැවසීය. අපොස උසස්පෙළ ප‍්‍රතිඵල අනුව පූර්ණ ශිෂ්‍යත්ව මෙන්ම අර්ධ ශිෂ්‍යත්ව ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට පවතී. 

පර්යේෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, සිසුන් කේන්ද්‍ර කරගත් සහ ප‍්‍රතිඵල මූලික කරගත් ඉගෙනුම් ක‍්‍රමවේද භාවිතා කරන මෙරට ප‍්‍රථම අධ්‍යාපන ආයතනය මෙම විශ්වවිද්‍යාලය වීම ද තවත් විශේෂත්වයකි. එමනිසා මෙම පාඨමාලා සම්පූර්ණ කරන සිසු සිසුවියන් හට උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉක්මනින්ම රැුකියා ලබාගැනීමේ වැඩි අවස්ථාවක් ද උදාවේ. සිසුන්ගේ පෞද්ගලික හා බුද්ධිමය වර්ධනය වෙනුවෙන් කැප වී ක‍්‍රියාකරන වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ඔවුන්ගේ පුළුල් පරිකල්පනයත්, විශ්ලේෂණාත්මක චින්තනයත්, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාවත් දියුණු කරගැනීමට උචිත වටපිටාවක් ද නිර්මාණය කරදී තිබේ.

No comments:

Post a Comment